Thursday 30 August 2012

බය්සිකලේ!...

කාටද මතක මුලින්ම බය්සිකලේ පොල්ල උඩින්දාලා ගියපු දවස? මට නම් මතකයි. ඔන්න අහගන්න විස්තරේ. ඉස්කොලේ නිවාඩු කාලේ දවසක්! වටින් ගොඩින් කරුවල වී ගෙන එන වෙලාව! පොල්ල උඩින් දාලා පදින්න කකුල් දිග මදි හින්දා පොල්ල යටින් පදිමින් හිටපු මට එක පාරටම බය ඇරිලා පොල්ල උඩින් පදින්න හිතුනා. කොහොමින් හරි කකුල දා ගත්තත් රවුමක් කරකන්න කකුල් දිග මදි, ඒ මදිවට හොදටම කරුවල වෙලා. කොච්චර උනත් මට සන්තෝසේ ඉවසගන්න බෑ. මොනවා කරන්නද මම බයිසිකලෙත් අරන් ගෙදර ආවා.
මට ඉවසිල්ලක් නෑ හෙට දවස වෙනකල්, කෑම කන්නත් බෑ නිදා ගන්නත් බෑ. හෙට දවසට ඉක්මනට යන්න ඕනෙ හින්දා කලින්ම නිදා ගත්තා. සීයක් විතර හීන බලලා (හැබැයි මට එකක්වත් මතක නෑ, බ්ය්සිකල් පදිනවා දැක්කද කොහෙද) මෙන්න බොලේ උදේ 5.30 ට එලාම් නැතුවත් මට ඇහැරුනා. යන්තම් වටින් ගොඩින් එලිය වැටීගෙන එනවා. ගෙදර කාටවත් නොකියා මම බයිසිකලය අරන් පාරට ආවා. පලවෙනි පාරම පොල්ලට උඩින් කකුල දා ගත්තා. අයෙත් සන්තෝසේ ඉවසගන්න බැරුවා... අනේ දෙවියනේ පොඩ්ඩ දුරක් ගියපු මම බෝක්කු ඇන්දක හැප්පිලා ඒක අස්සට වටුනා. මගෙ දනිස් කොහෙදෝ වැදිලා කකුල් දිග අරින්නත් බෑ. සෑහෙන වෙලවක් මම බෝක්කුව අස්සෙ හිටියා. ටිකක් එලිය වැටෙනකොට කොහෙදෝ ගිය සේකර අය්යා එතනින් යන්න ගියා මාව දකලා එලියට ඇදලා ගත්තා. හැඩල් එකත් හදලා දීලා මාව ගෙදර ගිහින් දම්මා. ගෙදර යනකලුත් කව්රුත් දන්නේ නෑ මම බය්සිකලේ පදින්න ගිහින් කියලා. ප.ලි. : මුලින්ම විසිල් එක වැදුන හැටි පස්සේ කියන්නම්...